හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇත.
කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති ආගරපතන ප්‍රාදේශීය සභා සභාපති කදිර් සෙල්වම් මහතා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමටක ඉකුත් 17 වැනිදා සහභාගී වී ඇති අතර එම රැස්වීමට සහභාගී වී සිටි නාගරික මන්ත්‍රීවරයා සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබුණි.
අදාල නාගරික මන්ත්‍රිවරයාගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.