29 C
Colombo
Saturday, July 27, 2024

හැටන් දුම්රිය ව්‍යාපෘතිය කොට උඩ

- Advertisement -

නව හැටන් දුම්රිය ස්ථානය ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදීමක් හේතුවෙන් වසර දෙකහමාරක පමණ කාලයක සිට නතරවි තිබෙනවා.

මේ හේතුවෙන් කෝටි හතළිහක පමණ පාඩුවක් සිදු වී ඇතැයි පරිසරයේ ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය වි තිබුණා.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට එම මුදල් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී තිබුණේ මහ භාණ්ඩාගාරයෙන් බව බව කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

මෙම ව්‍යාපෘතියට අදාල කොටසක් පමණක් නිමකර ඇති බවත් වසර දෙකහමාර කාලය පුරාම සිදුවී ඇත්තේ එම ව්‍යාපෘතිය විවෘත කිරීම
සම්බන්ධයෙන් ලිපි හුවමාරු කිරීම පමණක් බවත් ඔහු සඳහන් කරනවා.

මෙම ව්‍යාපෘතියට අදාළව එක ලිපියක් එහා මෙහා හුවමාරු වීමට පමණක් මාස පහක පමණ කාලයක් ගතවී තිබූ බවටද කමිටුවේදී තොරතුරු හෙළි වි තිබෙනවා.

මේ අතර හැටන් දුම්රිය ස්ථානයේ අයිතිය සහ එහි භාණ්ඩ දුම්රිය දෙපාර්තමේන්තුවට අනිද්දා(13) භාර දෙන ලෙස කමිටු සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා නාගරික සංවර්ධන අධිකාරියට නිර්දේශ කර තිබෙනවා.

තවද පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ 2021 වර්ෂයේදී ඉදි කෙරුණු පොළොන්නරුව හිඟුරක්ගොඩ දුම්රිය සේවක නිල නිවාසය මේ වනතුරු ප්‍රයෝජනයට ගෙන නැති බවද එම කමිටුව සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...