29 C
Colombo
Saturday, July 27, 2024

ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා මෙන්න

- Advertisement -

ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

එහි පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රංශ ජාතික ලෝප්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක නිර්මාතෘවරයාගේ මිණිබිරිය වීම විශේෂත්වයක්.

මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන ප්‍රංශ ජාතික Francoise Bettencourt Meyersගේ ශුද්ධ වත්තකම අමෙරිකානු ඩොලර් බිලියන 99.5ක් ලෙස සටහන්ව තිබෙනවා.

එහි දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ අමෙරිකානු ජාතික ව්‍යාපාරික කාන්තාවක් වන 74 හැවිරිදි වියේ පසුවන Alice Walton විසින්.

ඇයගේ ශුද්ධ වත්කම ලෙස සඳහන් ව ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 64.8ක්.

අමෙරිකානු ඩොලර් බිලියන 60.1ක් හිමිකරගෙන සිටින 62 හැවිරිදි Julia Koch නමැති කාන්තාව එම ලැයිස්තුවේ 3 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.

අමෙරිකානු ජාතික 84 හැවිරිදි වියේ පසුවන Jacqueline Mars එම ලැයිස්තුවේ 4 වන ස්ථානයට පත්ව තිබෙන්නේ ඩොලර් බිලියන 39.8ක් හිමිකරගනිමින්.

මේ අතර Amazon නිර්මාතෘ Jeff Bezosගේ දික්කසාද බිරිඳ වන 53හැවිරිදි වියේ පසුවන Mackenzie Scott ඩොලර් බිලියන 34.5 ක් හිමිකරගෙන එහි 5 වන ස්ථානයේ පසුවනවා.

ජීවිතක්ෂයට පත්වූ අමෙරිකානු කැසිනෝ සමාගමක හිමිකරුගේ බිරිඳ වන 78 හැවිරිදි වියේ පසුවන Miriam Adelson ඩොලර් බිලියන 33.8ක ධනයක් තමන් සතු කරගනිමින් ලොව ධනවත්ම කාන්තාවන් අතර 6 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඩොලර් බිලියන 30.2ක ධනයක් තමන් සතු කරගිනිමින් ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන 69 හවිරිදි වියේ පසුවන Gina Rinehart එම ලැයිස්තුවේ 7 වන ස්ථානය හිමිකගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ලොව ජනප්‍රිය නැව් සමාගමක හිමිකාරිණිය වන 78 හැවිරිදි වියේ පසුවන ඊශ්‍රායලයේ සම්බවයක් ඇති Rafaela Aponte-Diamant ඩොලර් බිලියන 30ක ධනයක් තමන් සතු කරගිනිමින් මෙම ලැයිස්තුවේ 8 වන ස්ථානයේ රැඳී සිටිනවා.

එසේම ලොව ධනවත්ම කාන්තාවන් අතර 9 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඉන්දීය කාන්තාවක් වන Savitri Jindalයි.

83 හැවිරිදි වියේ පසුවන ඇය ඩොලර් බිලියන 29.4ක ධනයක් හිමිකරගෙන තිබෙනවා.

ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා අතර සිටින අවසාන කාන්තාව ද අමෙරිකානු ජාතික කාන්තාවක් වන Abigail Johnson 62 හැවිරිදි වියේ පසුවන ඇය සතුව ඩොලර් බිලියන 28.6ක වත්කමක් හිමිකරගෙන සිටිනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...