2020 ඔක්තෝබර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කෙරුණා.
එම ප්‍රතිපල අනුව අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත්වී තිබෙනවා.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි හිමිකර ගත්තා.

එමෙන්ම වාණිජ අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක සිසුවිය සමත් වුණා.

2020 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 301,771ක් මුහුණ දුන් අතර ඉන් 194,297ක් විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට වරම් හිමිකරගෙන තිබෙනවා.