26 C
Colombo
Sunday, May 19, 2024

ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් මෙන්න

- Advertisement -

2023 ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 17 දින ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ ප්‍රවේශපත්‍රවල මිල ගණන් පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු කර තිබෙන බව සඳහන්.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රවේශපත්‍ර ඉතා ඉහළ මිල ගණන්වලට විකිණනු බවට මිට පෙර වාර්තා වූ අතර දිගින් දිගටම වාර්ෂාව හේතුවෙන් තරගාවලියට සිදු වූ බාධා නිසා ප්‍රවේශපත්‍ර මිල ගණන් විශාල ලෙස පහත හෙළනු ලැබුවා.

Grand Stand, Top Level – V-VIP ටිකට් පත මෙම තරඟයේ වැඩිම වටිනාකමක් සහිත ටිකට්පත වන්නේ එහි වටිනාකම මිල රු.40,000.00 ක් ලෙසයි.

අනෙකුත් ටිකට්පත් අලෙවි වන්නේ පහත මිල ගණන්වලටයි.

Block A : Upper Level – VIP( Sold Out) ටිකට් පතක මිල රු.11,200.00

Block B : Upper Level – VIP ටිකට් පතක මිල රු.8,000.00

Block A : Lower Level – First Class ටිකට් පතක මිල රු.6,400.00

Block B : Lower Level – First Class ටිකට් පතක මිල රු.6,400.00

Block C : Lower Level – General ටිකට් පතක මිල රු 640.00

Block D : Lower Level – General ටිකට් පතක මිල රු 640.00

මේ වනවිටත් බොහෝමයක් ටිකට්පත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...