30.7 C
Colombo
Tuesday, April 23, 2024

කාන්තාවන්ට තනිව සංචාරය කළ හැකි ලොව හොඳම රට මෙන්න

- Advertisement -

2024 දී තනිව කාන්තාවකට සංචාරය කළ හැකි ලොව හොඳම ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබෙනවා.

ඒ, ජාත්‍යන්තරව පිළිගත් ටයිම් අවුට් (Time out) සඟරාව විසින්.

එම සඟරාව පෙන්වා දෙන්නේ ත්‍රාසජනක සංචාරයක් අපේක්ෂා කරන කාන්තාවන්ට සාපේක්ෂව ආරක්ෂිත සහ පහසුවෙන් ගමන් කිරීමට හැකි ලොව රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද අයත් වන බවයි.

ඒ අනුව පහසු ගමනාගමනය, මිත්‍රශීලී ජනතාව හමුවීමට ඇති අවස්ථාව යන කරුණු සැලකිල්ලට ගනිමින් 2024 දී තනිව කාන්තාවකට සංචාරය කළ හැකි ලොව හොඳම ගමනාන්ත නවයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ආරක්ෂිතව සිටිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ද සමගයි.

ආවේණික වූ චමත්කාරයකින් යුක්ත වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සංචාරයට කැමති කාන්තා සංචාරකයින් සඳහා හොඳම පළමු නැවතුම බව ටයිම් අවුට් සඟරාව පවසනවා.

ෙදඹුල්ල සහ සීගිරිය වැනි ස්ථාන ගවේෂණය කිරීමටත් නුවරඑළියේ තේ වතු නැරඹීමටත්, ආරුගම් බොක්ක, මිරිස්ස සහ හික්කඩුව වැනි වෙරළ තීරයන් හි නවාතැන් මෙන්ම සර්ෆින් සහ රසවත් දේශීය ආහාර යන විශේෂතා ශ්‍රී ලංකාව අංක 01ට නම් කිරීමට පාදක කරගෙන තිබෙනවා.

2024 දී තනිව කාන්තාවකට සංචාරය කළ හැකි ලොව හොඳම ස්ථාන අතර දෙවන ස්ථානය පෘතුගාලයට හිමිව ඇති අතර තුන් වන ස්ථානය හිමිව ඇත්තේ චෙක් ජනරජයටයි.

ජපානය සිව් වන ස්ථානයටත් ගෝතමාලාව පස් වන ස්ථානයටත් නම් කර තිබෙනවා.

වියට්නාමය, ඕස්ටේ්‍රලියාව, ග්‍රීසිය සහ නවසීලන්තය සෙසු රටවල් අතරට අයත්.

RECENT ARTICLES - SINHALA

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වු...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...