28 C
Colombo
Saturday, April 19, 2025

අවුරුද්දට සතොසෙන් දෙන සහන මෙන්න

- Advertisement -

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ලංකා සතොස ආයතනය පවසන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 09 ක මිල එලෙස පහළ දමා ඇති බවයි.

 ඒ අනුව, පහත සඳහන් මිල අඩු කරන ලද භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (2024 අප්‍රේල් 02)දින සිට දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක් රුපියල් 55 කින්, රතු ලූනු කිලෝවක මිල රුපියල් 30 කින්, කඩල (ජම්බෝ) කිලෝවක මිල රුපියල් 16 කින්, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක මිල රුපියල් 15 කින්, කිරිපිටි ග්‍රෑම් 400 මිල රුපියල් 10 කින්, පාන්පිටි කිලෝවක මිල රුපියල් 8 කින්, ආනයනික බිත්තරයක මිල රුපියල් 7 කින් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින් සහ සෝයා මීට් කිලෝවක මිල රුපියල් 2 කින් මිල අඩු කළ බව සතොස සඳහන් කරනවා.

ඒ අනුව, නව මිල ගණන් අනුව ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක  මිල රුපියල් 495 ක් ද, රතු ලූනු කිලෝවක නව මිල රුපියල් 290 ක් ද, කඩල (ජම්බෝ) කිලෝවක නව මිල රුපියල් 494 ක් ද, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, කිරිපිටි ග්‍රෑම් 400 නව මිල රුපියල් 925 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 192 ක් ද, ආනයනික බිත්තරයක නව මිල රුපියල් 36 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 192 ක් ද, සෝයා මීට් කිලෝවක නව මිල රුපියල් 593 ක් වන බව සතොස දැනුම් දෙනවා.

මෙලෙස මිල අඩු කර ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්,

මේ අතර, අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රුපියල් 4,500ක්  වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...