31 C
Colombo
Saturday, June 10, 2023

මෙරටින් හමුවූ ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ගැන තොරතුරු මෙන්න

- Advertisement -

ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

B 117 ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවත් පැවසෙනවා.

දෙමටගොඩ, ආරාමය පෙදෙසේ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 09 දෙනෙකුගේ ජෛව සාම්පල් පරීක්ෂණ සිදුකළ බවත් ඉන් ආසාදිතයින් 05 දෙනෙකුට ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මිට අමතරව කොළඹ නගරසභා බලප්‍රදේශයේ කොළඹ 6,8 සහ 10 යන ප්‍රදේශවලින්ද, කරාපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ ජෛ සාම්පල් පරික්ෂණ මගින් ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හඳුනා ගත් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පැවසුවේ.

මේ වනවිට ලංකාවෙන් හමුවන ආසාදිත සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි අගයක් ගන්නා බැවින්, ජාන විශ්ලේෂණ පරීක්‍ෂණවල ධාරිතාව වැඩි කරමින් පවතින බව පවසන, ආචාර්ය ජීවන්දර, ඒ තුළින් මෙරට කොරෝනා වයිරසයේ නව විකෘතිතා අතිවනවාද නව ප්‍රභේද ලංකාව තුළින් හමුවනවාද යන කරුණු පිළිබඳව සොයා ගැනීමට හැකිවන බවද පවසා සිටිනවා.

ඉන්දියාවේ තරුණ ප්‍රජාවද ගොදුරු බවට පත් කර ගනිමින් මේ වනවිට B.1.617.2 කොවිඩ් වෛරස ප්‍රභේදය ආක්‍රමණශීලිව ඉන්දියාවේද ව්‍යාප්ත වෙමින් පවතියි. කෙසේ නමුත් දැනට භාවිතයේ පවතින කොවිඩ් එන්නත් මෙම ප්‍රභේදයට එරෙහිවත් සාර්ථක බවයි පැවසෙන්නේ

මේ අතර, මේ වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන ඉන්දීය කොරෝනා ප්‍රභේදය වන ඩෙල්ටා (B1.6.617.2) ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේදයක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.


ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බව පැවසෙන මෙම ප්‍රභේදය නම් කර ඇත්තේ AY.1 හෙවත් ඩෙල්ටා ප්ලස් නමින්.

දැනට මෙම ප්‍රභේදයේ රෝගීන් 63 දෙනෙකු ලොව පුරා හඳුනාගෙන ඇති අතර ජුනි 11 වැනි දින ඉන්දියාව විසින් නිකුත් කල කොවිඩ් වාර්තාවේ මෙම නව ප්‍රභේදය ආසාධනය වූ රෝගීන් 6 දෙනෙකු එරටින් වාර්තා වී තිබුනා.

මෙම ප්‍රභේදය දැනට පවතින කොවිඩ් මර්ධන එන්නත් කෙරෙහි යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් බිය පල කරනවා.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...