24 C
Colombo
Sunday, October 1, 2023

සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙන්න

- Advertisement -

2022 වසරේ මාර්තු මස 22 වැනි දින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, නැවතත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය සෙනසුරාදා දිනයේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වනවා.

ඒ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවයි.

නමුත් ඊට බොහෝ පාර්ශව වලින් විරෝධතා එල්ල වීමත් සමඟ එය සංශෝධනය කිරීමට රජය විසින් තීරණය කළ අතර, බොහෝ දෙනෙකුගේ උපදෙස් සහ අදහස් ලබාගෙන එම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කලේ, පළමු වරට ප්‍රකාශයට පත්කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ පැවති අඩුපාඩු එම නව පනත් කෙටුම්පත මඟින් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

එම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමෙන් අනතුරුව ඊට එරෙහි ව විරෝධතා ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ හැකි බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

එම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පහතින්,

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

අපේම සල්ලි අපිටම දීලා

අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට...

ත්‍රිකුණාමලයේ රෝහලක ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාළ ගින්න හටගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයෙන් බවයි අනාවරණය වන්නේ. පොලිසිය සඳහන් කළේ මේ වනවිට ගින්න...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...