27 C
Colombo
Wednesday, April 23, 2025

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

- Advertisement -

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා.

රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන ලද නැකත් සීට්ටු­වට අනුව සිංහල හා දෙමළ අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙස බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිනවා.

2024 වර්ෂය සඳහා වන නැකත් සීට්ටුව සහ එය සකස් කිරීම සඳහා ප්‍රවීණ ජ්‍යෙතී­ර්වේ­දීන් 22 දෙන­කු­ගෙන් සම­න්විත කමි­ටු­වක් දායක වී ඇතැයි සදහන් වනවා.

එම නැකැත් සීට්ටුව පහතින්,

නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 10 වන සිකුරාදා දින ද, නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදව
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුද්ද උදාවවනවා.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍යකාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 9.05 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධී ඉටුකිරීම සිදු කරනු ලබනවා.

ආහාර පිසීම
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 11.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06 ට හෙවත් අප්‍රේල් 14 ඉරිදාට එළිවන පාන්දර 00.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන සදුදා පූර්වභාග 10.17 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්‍ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බදාදා පූර්වභාග 6.52 ට කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම
අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...