රෝහල්ගත නොවී සිය නිවෙස් තුල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් හට තමන්ගේ ශරීරයේ ඔක්සිජන් ධාරිතාව බලාගැනීමට අවශ්‍යවන “පල්ස් ඔක්සිමීටර්ස්” ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව “ප්ලස් ඔක්සිමීටර්” 1500ක් පළමුවැනි අදියර යටතේ, රෝගීන් වෙත ලබාදෙන අතර, ආසාදිතයාටම තමන්ගේ ශරීරය තුළ පවතින ඔක්සිජන් ධාරිතාව මෙමඟින් මැන බලාගත හැකි වනවා.
ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය 80-90 අතර එම උපකරණයේ සටහන් විය යුතු අතර ඊට වඩා අඩුවන අවස්ථාවකදී තමන්ගේ අධීක්ෂණය සඳහා යොදවා සිටින වෛද්‍යවරයා දැනුවත් කළ යුතු බවත් ඉන්පසු අවශ්‍ය ඉදිරි සෞඛ්‍ය පහසුකම් කඩිනමින් සලසාගත හැකි බවත් පැවසෙනවා.
රෝගීන්ට ලබාදෙන මෙම උපකරණ රෝගියා සුවවීමෙන් පසු ආපසු ලබාගත් විට තවත් රෝගියකු වෙත ලබා දීමට හැකි බවත් වාර්තා වනවා.
කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබාදීම, නියමු ව්‍යාපෘතියක් වශයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියත්මක වූ අතර එම ව්‍යාපෘතිය සාර්ථක වූ නිසා, එය ඊයේ (09) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.
මෙම උපකරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මෙතැනින්
