අවස්ථා කිහිපයකදීම සංචරණ සීමා තීරණ වෙනස් කිරීම හේතුවෙන් මේ වන විට මහජනතාව ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ලද අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය (සංශෝධන) ගැසට් පත පහතින් දැක්වෙනවා.
එය අදාළ වන්නේ අද (12) දින සිට එළැඹෙන මැයි 31 වනදා දක්වා පමණයි.
එම ගැසට් නිවේදනය හේතුවෙන් 2021 මැයි 01 වනදා නිකුත් කරන ලද ‘සංශෝධිත III වන අවධානම් මට්ටම මත පදනම්ව සිදුකල හැකි පොදු ක්‍රියාකාරකම් සහ කාර්යන්’ මාර්ගෝපදේශ අවලංගු කර තිබෙනවා.
ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන්නේ මෙම ගැසට් නිවේදනයේ අඩංගු කරුණු පමණයි.




