28 C
Colombo
Monday, May 20, 2024

මේ වන විට පාර්ලිමේන්තුව අහිමිවූ මන්ත්‍රී ලැයිස්තුව මෙන්න

- Advertisement -

2020 මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට තේරි පත්වුණු හා ජාතික ලැයිස්තුවෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව හැර ගිය හා අතහැරයාමට සිදුවු පිරිස මේ වන විට දොළහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (08)දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය හට පාර්ලිමේන්තුවේ අසුන් ගැනිමට නිතිමය හිමිකමක් නැතැයි තින්දු කිරිමත් සමඟයි.

2020 මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරගෙන තිබු අතර එම වසරේ අගෝස්තු මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු පත් කර ගනු ලබනවා.

එලෙස මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් 2021 වසරේ සැප්තැම්බර් 13වන දින ඉල්ලා අස් වන්නේ මහ බැංකු අධිපති ධූරය භාර ගැනීම සඳහා යි. මෙහිදී පුරප්පාඩු වු අසුන සඳහා ජයන්ත කැටගොඩ මහතා පත්කර තිබෙනවා.

තවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වු නසීර් අහමඩ් මහතා පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමග එක්විමත් සමඟ ඔහුට පරිසර ඇමති ධුරය හිමිවුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රතිපත්ති කඩ කරමින් විනය විරෝධීව කටයුතු කළ බවට චෝදනා කරමින් ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීන්දු කළ අතර එය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ඔක්තෝම්බර් 06 වැනිදා තීන්දු කළා.

ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ගිය අතර එම පුරප්පාඩු වු අසුන සඳහා අලි සහීර් මවුලානා මහතා පත්කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරිපත් වූ මහින්ද සමරසිංහ මහතා 2021 වසරේදී තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇමරිකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගියා.

එලෙස පුරප්පාඩු වු අසුන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මංජු ලලිත් වර්ණකුල මහතා පත් කර තිබෙනවා .

තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මෙම වසරේ පෙබරවාරි 27වන දින සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කරනු ලැබූවා.

ජනතාවගේ සාපයට ලක්විමට නොහැකි බව පවසමින් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙම වසරේ ජනවාරි මස 09වනදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා නයන ප්‍රියංකර වාසලතිලක මහතා පත්කර තිබෙනවා.

මීට අමතරව පසුගිය වසරේ (2023) පැවැත්විමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූරය සඳහා තරඟ කිරිමට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව මුජිබර්ගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ඒ.එච්.එම්.ෆවුසි මහතා හට හිමිවුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා 2022 වසරේ මැයි මස 09වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවන් තරඟ කළ ජගත් සමරවික්‍රම මහතා පත්කරනු ලැබුවා.

එමෙන්ම මෙම වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා ඇතිවු හදිසි රෝගි තත්වයක් හේතුවෙන් අප්‍රේල් 04වන දින ජීවිතක්ෂයට පත්වු අතර ඒ මහතා වෙනුවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම්.ජී. වීරසේන මහතා පත්කර තිබෙනවා.

තවද ජනවාරි 29වන දා අධිවේගී මාර්ගයේ සිදුවු අනතුරකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජල සම්පාදන හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජිවිතක්ෂයට පත් වු අතර එම පුරප්පාඩුව සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...