24 C
Colombo
Tuesday, March 21, 2023

හංගන බිත්තර රාජසන්තකයි..! – ඇමති කියයි

- Advertisement -

බිත්තර තොග අද (22) දිනයෙත් වෙළෙඳපොලට නිකුත් නොකරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී පවතින දුෂ්කරතා පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරන කරන බවයි එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ.

පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව දුඹුරු හා රතු පැහැති කුකුළු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

මේ අතර , කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සහ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද(22) පැවැත්වෙනවා.

ඒ, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී ය.

කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව එම සාකච්ඡාව පැවැත්වෙන බවයි, වෙළෙඳ අමාත්‍යවරයා පවසන්නේ.

තවද, පාලන මිල ඉක්මවා cඅලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා අද (22) සිට වැටලීම් ක්‍රියාත්මක බවත් වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, තොග සන්තකයේ තබාගෙන වෙළෙඳපොළට නිකුත් නොකරන ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන රාජසන්තක කිරීමට හැකියාව පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.