26.1 C
Colombo
Sunday, May 18, 2025

අධි රුධිර පීඩනය සහිත රෝගීන් ඉහළට

- Advertisement -

මෙරටින් වාර්තා වන අධි රුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහ මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ, දිවයිනේ සෑම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වයස අවුරුදු 18ත් 69ත් අතර පුද්ගලයින්ගෙන් සිදුකළ සමීක්ෂණයකදී අධිරුධිර පීඩකයින් 35%ක් වාර්තා වු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,

“හැම අවුරුද්දේම මැයි 17 වන දිනට අධි රුධිර පීඩනය වෙනුවෙනුත් මැයි මාසේ තුන්වන සතිය ලුණු භාවිතය ගැන දැනුවත් කිරීම සඳහාත් ගෝලීය වශයෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වෙනවා. එතකොට ලංකාවේ අවුරුදු 5කට සැරයක් අපි සමීක්ෂණයක් පවත්වනවා. අපි මේ සමීක්ෂණය අන්තිමට පැවැත්වුයේ 2021 දී. එතකොට ඒ අය අතර ප්‍රතිශතයක් වශයෙන් 35%කට අධි රුධිර පීඩනය තිබුණා. අපි නිර්දේශ කරන්නේ, පුද්ගලයෙක් ගන්න ඕනේ ලුණු ප්‍රමාණය දවසකට ග්‍රෑම් 5ක්. හැබැයි මේ සමීක්ෂණයෙක් අපිට වාර්තා වෙනවා පුද්ගලයෙක් දවසකට ගන්න ලුණු ප්‍රමාණය ග්‍රෑම් 14.2ක් ඒ කියන්නේ තුන් ගුණයක වැඩි භාවිතයක්.”

මේ අතර රුධිර පීඩනය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීම සම්බන්ධයෙන් ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහ මහත්මිය අදහස් පළ කළා.

“ප්‍රධාන වශයෙන් අපි හැමදාම කියන්නේ සෞඛ්‍යමත් ආහාර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ලුණු භාවිතය පුළුවන් තරම් අඩු කරන්න. ඒ වගේම ශාරීරික ක්‍රියාශිලී බව වැඩි කිරීම ඉතාමත් වැදගත් සහ තමන්ගේ මානසික ආතතිය අඩු කරගන්න පියවර ගන්න ඕනේ. දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් වැළකීම වගේම තමන්ගේ රුධිර පීඩනය නිසි වේලාවට මැන ගන්න. විශේෂයෙන් අවුරුදු 35ට වැඩි අය මේ වනතෙක් රුධිර පීඩනය මැන නැත්නම් ඉක්මනින් ම එය මැනගන්න.”

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES