31 C
Colombo
Friday, April 19, 2024

රන් දෙවොලේ ‘යශෝ කීර්තියට’පහත කාරණා මගින් ‘අගතියක්’ නොවුණා ද ? – පෝද්දල ජයන්ත

- Advertisement -

ශ්‍රේෂ්ඨාධිකරණ යනු යුක්තිය ඉටුකරවා ගැනීම සදහා රට වැසියකුට යා හැකි ඉහළම ආයතනයවන හෙයින්, ඊට යුක්තිය පසදළීමේ ‘රන් දෙවොල’ යැයි නාමකරණය කළාට කිසිදු වරදක් නැත.විශ්වාසය අඛන්ඩව පවත්වා ගනු පිණිස ඉහත උත්තරීතර ආයතනයේ විශ්වාසනීයත්වය පිළිබද අංශු මාත්‍රයක හෝ අඩුවක් නොමැතිව , මේ මොහොතේත් පූර්ණ විශ්වාසය තබන රටවැසියකු ලෙස මගේ මනසේ කැකෑරෙමින් පවතින යම් කුකුසක් , විචිකිච්ඡාවක් දනවන කාරණා කිහිපයක් පිළිබද සැකහැර නිවැරදි තත්ත්වය දැන පහදා ගැනීම මේ ලිපියේ අරමුණයි.

මවිසින් පහත මතුකරන කාරණා ගැන ඔබේ වටිනා අදහස් පළ කරන්න. එය මේ ‘රන් දෙවොලෙන්’ යුක්තිය ඉටුකරවා ගැනීමට සිටින ජනී ජනයාගේ යහපත පිණිසම විය යුතු ය. අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා ලබාදුන් නඩු තීන්දුවල වලංගු භාවය කෙසේද ?මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට දෝෂාභියෝග යෝජනාවක් ගෙනවිත් තනතුරෙන් ඉවත් කළ පසු , එම තනතුරට පත්කරන ලද්දේ මොහාන් පීරිස් මහතාය. ඉන්පසු 2015 ජනවාරි මස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු වහාම ක්‍රියාත්මකවන පරිදි මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධුරයෙන් නෙරපා හැර නැවත ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයට පත් කරනු ලැබීය.

මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීති විරෝධී බව ප්‍රකාශ කිරීමඅගවිනිසුරු පදවියේ සිටි මොහාන් පීරිස් මහතා ධුරයෙන් නෙරපා හැරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව දෝෂාභියෝග යෝජනාවක් ගෙනවිත් නොවේ. ඊට පිළිතුරු ලෙස යහපාලන රජය පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහ කිරීම නීති විරෝධී බැවින් , ඇය වෙනුවට මොහාන් පීරිස් මහතා පත් කිරීම නීතියානුකූල නොවන බවයි. එනිසාම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත ධුරයට පිවිසියේ ජනාධිපති ඉදිරියේ යළි දිවුරුම් දීමකට භාජනය වීමෙන් තොරවය.

මා දන්නා තරමින් මොහාන් පීරිස් මහතා හිටපු අගවිනිසුරු ලෙස නීතියානුකූල විශ්‍රාම ගැනීමකටද යටත්කර නොමැත. එසේනම් ඔහු අගවිනිසුරු ලෙස කටයුතු කළ සමයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා ලෙස ලබාදුන් නඩු තීන්දු , තීරණ , පත්කිරීම්වල වලංගු භාවය කෙසේද ? ඒ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණිද ?මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මොහාන් පීරිස් මහතා ඉදිරිපත් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණට අපහාසයක් නොවේද ?මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ එවකට අගවිනිසුරු ලෙස ධුරය දැරූ මොහාන් පීරිස් මහතා ඉදිරියේ නොවේ.

ඊට හේතුව ඔහු නීතියානුකූල අගවිනිසුරු ලෙස නොපිළිගත් නිසා ය. එවැනි තත්ත්වයක් යටතේත් තමා හමුවීමට මොහාන් පීරිස් මහතා පැමිණි බවත් , එසේ පැමිණ තමන් දිගටම අගවිනිසුරු ධුරයේ තබා ගන්නා ලෙසත්, ඉන්පසු ජනාධිපතිවරයාට අවශ්‍ය අයුරින් නඩු තීන්දු ලබා දිය හැකි බවත් ප්‍රකාශ කර තිබේ. ඉහත සිදුවීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කළ අතර , පාර්ලිමේන්තු විවාද ගණනාවකදීත් , රූපවාහිනී සාකච්ඡා මණ්ඩපවලදීත් වරින් වර පුනරුච්චාරණය විය. මේ ඉල්ලීම ඔහු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන විටත් ධුරයෙන් නෙරපා නොතිබුණි. රටේ විධායක ජනාධිපතිවරයා අභිමුව අගවිනිසුරු ලෙස කටයුතු කරන පුද්ගලයාගේ මේ යෝජනාව නීති විරෝධී නොවන්නේ ද ?

යම් පුද්ගලයෙකුට අවශ්‍ය පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දිය හැකි යැයි පැවසීම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබද රට වැසියන් දරන විශ්වාසයට සිදුවන්නේ කුමක්ද ? එය ශ්‍රේෂ්ඨාධිකරණට කරන ලද අපහාසයක් නොවන්නේ ද ? මේ බරපතල විෂමාචාරය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ගයක් වූයේද ?හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ ප්‍රකාශයයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබද මහජන විශ්වාසය පළුදු නොවූයේ ද ?සුනාමි අරමුදල් පුද්ගලික ගිණුමකට බැර කිරීම පිළිබද මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විභාගයේදි “වරදක් කර හෝ” ඔහු සිරගත නොකිරීම ගැන හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේ ය.

යමකු සමාව ඇයද සිටින්නේ තමා කළ යම් වරදක් වෙනුවෙන් ය. සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරු සමාව ඉල්ලා සිටියේ “වරදක්” කිරීම වෙනුවෙන් නොව , “වරදක්” නොකිරීම වෙනුවෙන් ය. ඉන් ගම්‍ය වන්නේ කුමක් ද ? අගවිනිසුරු වරයාට අවශ්‍ය නම් “වරදක්” කර හෝ යම් ‘වැරදි’ තීන්දුවක් ලබා දිය හැකි බවයි. සරත් එන් සිල්වා මහතාගේ ප්‍රකාශයත් , පෙර සදහන් කළ මොහාන් පීරිස් මහතාගේ ඉල්ලීමත් අතර සමාන කමක් තිබේ.සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරු වරයාගේ ප්‍රකාශයද ශ්‍රේෂ්ඨාධිකරණ පිළිබද මහජනයාගේ විශ්වාස පළුදු නොවන්නේ ද ? එහෙයින් ජනමාධ්‍ය මගින් නැවත නැවත පුනරුච්චාරණය කරන එකී ප්‍රකාශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණට අපහාසයක් නොවූයේද ? තව දුරටත් නොවන්නේ ද ? ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ ගත් ක්‍රියා මාර්ගයක් වූයේද ?වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරු ධුරයට පත්වූ පසු , ඔහුගේ ‘නීතිපති’ ධුරය සිහිපත් වීමවර්ෂ 2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම , නව අගමැති වරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියේ ජනාධිපතිවරයා ගත් ක්‍රියා මාර්ගයේ නිරවද්‍ය භාවය වෙනුවෙනි. එවකට නීතිපති වරයා වශයෙන් ජයන්ත ජයසූරිය මහතා ජනාධිපතිවරයාගේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ඔප්පු කිරීමට බොහෝ නීති තර්ක ඉදිරිපත් කළේය. මෙහිදී ඇතැම් පාර්ශව ඉදිරිපත් කරන තර්කයක් වන්නේ නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට සිදුවන බවයි. එකී තර්කයට මතුවන ප්‍රති තර්කය වන්නේ රජය හෝ ජනාධිපතිවරයා කවර මට්ටමේ නීති විරෝධී ක්‍රියාවක් සිදු කළත් , නීතිපති වරයා එකී වරද ‘වරදක්’ නොවන වගට පෙනී සිටිය යුතුද..? යන්නයි.

කෙසේ වෙතත් එම නීතිපතිවරයා රටේ උත්තරීතරම අධිකරණයේ ප්‍රධානියා බවට පත්වූ පසු පෙර සිදුවීම මුළුමණින්ම අමතක කර සැක හැර අලුත් ඇසකින් ඔහු දෙස බැලීමට හැකියාව ලැබෙන්නේ ද ?දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණට අපහාස නොකරන්නේ ද ?දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම පසු ගියදා සිය වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ය.

එහි සදහන් එක් නිර්දේශයක් සමාජයේ කතා බහට ලක් විය. එනම් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීම කළ හැකිය යන්න කර ඇති නිර්දේශයයි. ඔවුන්ගේ වාර්තාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගැන සදහන් කර නැතත් මහාධිකරණය ලබාදී ඇති තීන්දුව නිවැරදි නොවන බව සෘජුවම ප්‍රකාශ කරයි. දුමින්ද සිල්වා දැනට දඩුවම් විදින්නේ මහාධිකරණ නඩු තීන්දුවට අනුව නොව , ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ලබා දී ඇති නඩු තීන්දුවකට අනුවය. මහාධිකරණ ත්‍රී පුද්ගල නඩු තීන්දුවට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය දීර්ඝ කාලයක් විභාග කර වත්මන් තීන්දුව ලබා දී තිබේ.

\ මේ තීන්දුව ගැන දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම නොදැන සිටින්නේද ? දුමින්ද සිල්වාගේ දඩුවම වැරදි යැයි එම කොමිසම ප්‍රකාශ කරමින් සමාව දිය යුතුයැයි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති දඩුවමට අනුවය. එසේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් නොවන්නේ ද ? දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම දුමින්ද සිල්වාගේ දඩුවම සම්බන්ධයෙන් පමණක් නොව , මහාධිකරණය ඇතුළු වෙනත් අධිකරණවල විභාගවන නඩු කිහිපයකටම අනිසි මැදිහත් වීම් කර ඇති අතර නීතිපතිවරයා කිහිප වතාවක්ම ඊට එරෙහි වී තිබේ. මේ කොමිසම අධිකරණයට කරන මැදිහත් වීම් ගැන , අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල නඩු තීන්දුව ගැන කළ මැදිහත් වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශවයෙන් යම් පියවරක් ගැණුනිද ?

ඉහත සදහන් සියලු කාරණා පිළිබද ඇතිව තිබෙන සැක සංකා දුරුකර ගත යුතු වන්නේ කොතනින් වරදක් සිදු වුවත් මේ ලියුම්කරුට පමණක් නොව , යුක්තිය අපේක්ෂාවෙන් සිටින සියලු වැසියන්ට යා හැකිව තිබෙන අවසන් ‘රන් දෙවොල’ ශ්‍රේෂ්ඨාධිකරණ නිසා ය. එතැනින් පසු යා හැකි තවත් තැනක් නොමැති නිසා ය. එහෙයින්ම එකී උත්තර ආයතනය පිළිබද විශ්වාසනීයත්වය අඛන්ඩව පවත්වා ගැනීම අත්‍යාවශ්‍යම නිසා ය.

RECENT ARTICLES - SINHALA

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...