30 C
Colombo
Friday, May 17, 2024

විශාල භූ කම්පන අවදානමක්

- Advertisement -

ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තල මායිම ආශ්‍රිතව ඉදිරියේදී තවත් විශාල භූ කම්පන සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ඉන්දු – ඕස්ට්‍රේලියානු තලය මේ වනවිට භූ තල දෙකක් වශයෙන් දෙකඩ වෙමින් පවතින නිසා පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවන වෙනස්වීම් භූ කම්පන වාර්තා වීම ඉහළයෑමට හේතු වී තිබෙන බව මහචාර්යවරයා තව දුරටත් ප්‍රකාශ කළා

මඩකලපුවට ඔබ්බෙන් කිලෝමීටර් තුන්සිය දහයක් (310)ක් දුරින් ඊයේ(11) අලුයම 1.30ට පමණ සිදුවූ භූ කම්පනය හේතුවෙන් අවදානමක් මතු නොවුණත් නැගෙනහිර වෙරළාසන්නයේ මෙවැනි කම්පන සිදුවුවොත් සුනාමි අවදානම් මතුවිය හැකි බවද සඳහන් කරනවා.

රික්ටර් දර්ශක 4.65ක අගයකින් යුතුව ඊයේ මඩකලපුවට ඔබ්බෙන් සිදුවූ භූ කම්පනයේ බලපෑම සම්බන්ධයෙන් කළ විමසුමට අදහස් දක්වමින් මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව පවසා සිටියා.

පළමු භූ කම්පනය වාර්තා වී ගෙවී ගිය මුල් පැය දහය තුළදී ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ මෙන්ම ඉන්දුනීසියාව හා ජපානය අතර භූ තලයේ භූ කම්පන 08 ක් සිදුව තිබෙන බවත් මෙම කම්පන සියල්ල රික්ටර් දර්ශක අගය 04 ඉක්මවූ ඒවා බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...