31 C
Colombo
Saturday, May 18, 2024

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට හිංදි භාෂා පාඨමාලාවක්

- Advertisement -

ජනවාරි 10 දිනට යෙදී තිබූ ‘ලෝක හින්දි දිනය’ සැමරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි ප්‍රවීණතා පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙහි ආරම්භක උත්සවය පැවති අතර එහි ප්‍රධාන ආරාධියතන් ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සහභාගී වුණා.

ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවාවන්හි නිලධාරීන් 70 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

මෙම උත්සවය අතරතුර, වැඩබලන මහ කොමසාරිස්වරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් යන මහත්වරුන්ගේ විශේෂ පණිවිඩ නිවේදනය කර තිබෙනවා.

ලෝක හින්දි දිනය වෙනුවෙන් සිය සුබපැතුම් පණිවුඩය මගින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත්තේ හින්දි භාෂාවේ ජනප්‍රියත්වය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය තුළ එම භාෂාව වැඩිවශයෙන් භාවිතා වන බවයි.

සාමයේ සහ දයානුකම්පාවේ භාෂාවක් ලෙස හින්දි භාෂාව වෙනත් රටවල් සහ ඔවුන්ගේ ජනතාව සමඟ ඉන්දියාව සම්බන්ධ කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී මහත්මිය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ලෝක හින්දි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය සඳහා හින්දි භාෂා පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කිරීම පිළිබදව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී සිය සතුට පළ කළ බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

මෙම විශේෂ හින්දි පාඨමාලාව මගින් දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමටත් දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් ඉවහල් වන බව ද ලේකම්වරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...