25 C
Colombo
Monday, May 13, 2024

දියණිය අපයෝජනයට එරෙහි වූ පියා ඝාතනය කෙරේ

- Advertisement -

50 හැවිරිදි හින්දු ජාතිකයෙකු වන අම්ලාක් බීල් මුස්ලිම් තරුණයින් පිරිසක් විසින් සංගර් දිස්ත්‍රික්කයේ ෂහ්දාද්පූර්හිදී හිස ගසා දමා ඝාතනය කර ඇති බව පාකිස්තාන ප්‍රාදේශිය මාධ්‍ය වාර්තා කරයි.

සිය දියණිය අපයෝජනය කිරීමට විරෝධය පළ කිරීම නිසා ඔහුගේ හිස ගසා දමා ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

වින්දිතයාගේ ඥාතීන් දන්වා සිටියේ, මහ මගදී අසභ්‍ය වචනයෙන් බැණ වැදෙමින් තම දියණිය අපයෝජනය කළ තරුණයෙකුට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කරන බවට මිය ගිය පුද්ගලයා තර්ජනය කර ඇති බවයි.

පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇතත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

පසුගිය මාර්තු මාසයේදී පකිස්තාන හින්දු වෛද්‍යවරයකු වන ආචාර්ය බීර්බල් ජෙනානි සිය සායන කටයුතු අවසන් කර ආපසු නිවසට පැමිණෙමින් සිටියදී කරච්චියේ ලයාරි අසලදී ඝාතනයට ලක් විය.

මේ ආකාරයට පාකිස්තානය තුල සුලුතර ආගමික කණ්ඩායම් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩත්වය දිනෙන් දින ඉහළ යමින් පවතී.

RECENT ARTICLES - SINHALA

‍සරසවි අනධ්‍යන සේවක වර්ජනය තවදුරටත්

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 12 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම කමිටුව...

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 176,000ක් වටලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙම සහල් තොගය වංචනික ලෙස ඇසුරුම් කිරීම සඳහා රැගෙන...

සාමාන්‍ය පෙළ විභා​ග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...