29 C
Colombo
Saturday, July 27, 2024

ඉතිහාස ගත වුන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 235,000 ක හෙවත් රු. බිලියන 235 ක (රු. කෝටි 23,500/-) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (05) දින කැඳවා තිබෙනවා.

මෙය මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ දී නිකුත් කිරීමට සූදානම් කෙරෙන ඉහළම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ලෙසින් ඉතිහාස ගත වනු ඇති.

මීට පෙර 2023 දෙසැම්බර් 13 වන දින කැඳවන ලද රු. මිලියන 220,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය මේ දක්වා පවත්වා ඇති විශාලතම බිල්පත් නිකුතුව ලෙසින් වාර්තා වී තිබෙනවා.

අද දින වෙන්දේසිය සඳහා පරිණත කාල කාණ්ඩ තුනක් යටතේ පහත සඳහන් පරිදි ලංසු කැඳවා තිබුණා.

දින 91 – රු. මිලියන 40,000

දින 182 – රු. මිලියන 75,000

දින 364 – රු. මිලියන 120,000

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන අතර ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයා තිබෙන විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බව පැසෛනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...