හෝමාගම පිටිපන ප්‍රදේශයේ එකම පවුලේ සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.
ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 15 ක 50 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.
ආසාදිතයින් සිව්දෙනා අතර සිටින එක් කාන්තාවක් පිටිපන පාසල් හංදිය ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ඇති වෙළෙඳසලක සේවය කර ඇති අතර දෙසැම්බර් මස 6 වන දින සිට 14 වන දින තෙක් එම වෙළෙඳසැලෙන් ආහාර ගත් පුද්ගලයින් සිටී නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි.