31 C
Colombo
Saturday, July 27, 2024

හෝමාගම රෝහලත් උපරිම ධාරිතාවයට ඇවිත් – රෝහල් වෛද්‍ය අධිකාරී

- Advertisement -

කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

වෛද්‍ය අධිකාරිවරයා පවසන්නේ මේ වන විට රෝහලේ නේවාසික ප්‍රතිකාර සදහා ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක්ද දක්නට ඇති බවයි.

“දැන් රෝගීන් පෙර අවස්ථාවට වඩා අසාධ්‍ය රෝගීන්. ඒ නිසාම ජනතාවට කියන්න කැමතියි හැකිතාක් දුරට පරිස්සම් වෙන්න මොකද ඇතුළත්ව සිටින විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමට සිදුව තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී අවසන්. HDU ඇඳන් සියල්ලත් රෝගීන්ගෙන් පිරී අවසන්. “

මේ අතර, කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාර තුළ කොවිඩ් ආසාදිත මෘතදේහ සහ PCRපරීක්ෂණවලට ලක්කිරීමට නියමිත මෘතදේහ රැසක් මේ වන විට එක් රැස්ව තිබෙනවා.

රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ එක්රැස්ව තිබූ මෘතදේහ මේ වන විට මහර, වත්තල, බියගම, ජාඇල, කටාන හා මීගමුව යන ප්‍රදේශවල ආදාහනාගාර වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් බලධාරීන් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...