29 C
Colombo
Saturday, July 27, 2024

​දේපළ ඇප නිවාස ණය පොලිය ගැන චක්‍රලේඛයක්

- Advertisement -

2020 දෙසැම්බර් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවට සියයට හතක උපරිම පොලියක් පමණක් අය කළ යුතු බවට නිර්දේශ කළ චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයේ සදහන් පරිදි දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවෙන් වාණිජ බැංකු අවම වශයෙන් පළමු වසර පහක කාලය සඳහා සීයට 7ක පොලී අනුපාතයක් අය කළ යුතු අතර ඉතිරි කාල සීමාව සඳහා බැංකු සිය ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ට ලබාදෙන හොඳම පොලී අනුපාතයකට (එහි වර්තමාන සාමාන්‍ය අගය සියයට හයකට ආසන්න වේ) වඩා සියයට එකක් වැඩියෙන් වූ පොලී අනුපාතයක් අය කළ යුතු වේ.

කෙසේ වෙතත් ණය ගැනුම්කරුවකු පළමු වසර 5 ඇතුළත ණය මුදල ගෙවා අවසන් කරන්නේ නම් කිසිදු අමතර ගාස්තුවකින් තොරව බලපත්‍රලභී බැංකු අදාළ ණය මුදල අවසන් කිරීමට අවස්ථාව සලසා දිය යුතු වේ.

කෙසේ වෙතත් 2020 දෙසැම්බර් 10 වැනිදා සිට මෙම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ශාඛා වෙත අවශ්‍ය අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කරන ලෙසද මහබැංකුව වාණිජ බැංකු වෙත උපදෙස් ලබාදී ඇතිබව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...