29 C
Colombo
Saturday, July 27, 2024

හොරණට චීනෙන් අක්කර 200 ක බන්ධනාගාර සංකීර්ණයක්

- Advertisement -

බන්ධනාගාර තුළ පවත්නා තදබදය අවම කිරීම සදහා හොරණ ප්‍රදේශයේ හදුනාගත් අක්කර 200 ක භූමියක නව බන්ධනාගාර සංකීර්ණයක් ඉදිකිරීමට වහාම පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.
මේ සදහා චීන රජයේ සහයද ලැබෙන අතර මෙය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙනවා.
පවත්නා කොවිඩ් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පොකුරක්ද නිර්මාණය වී ඇති නිසා බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීමට මේ දිනවල සුළු වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවූ පුද්ගලයින් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි.
ඒ යටතේ ඊයේ (07) දිනයේත් රැදවියන් 600 කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට කටයුතු කල බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...