28 C
Colombo
Saturday, July 27, 2024

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලයත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

- Advertisement -

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද (03) සහ හෙට (04) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

කණිෂ්ඨ කාර්යමණ්ඩලවල සේවකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කර සිටියේ.

රෝහල් වල සේවයේ නිරතව සිටින කණිෂ්ඨ කාර්යමණ්ඩලයට සිය රාජකාරි සිදුකිරීමට අපහසු තත්වයක් නිර්මාණය වී ඇති බවත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට නම් ඔවුන්ට යම් පහසුකම් ප්‍රමාණයක් තිබිය යුතු බවත් එබැවින් ඉල්ලීම් 12ක් මුල් කරගෙන මෙම ක්‍රියාමාර්ගයට යොමුවූ බවත් සුගතානන්ද හිමියන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...