24 C
Colombo
Sunday, October 1, 2023

ලාංකික ද්‍රවිඩ ජනතාවට තමිල්නාඩුවේ ගෙවල්

- Advertisement -

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පියවර ගෙන තිබෙනවා.

ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා අතින් ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක් විවෘත කර තිබෙනවා.

තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක මෙම නිවාස ඉදිකර ඇති බව සඳහන්.

පසුගිය 2021 වර්ෂයේ දී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා වූ සරණාගත කඳවුරු පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කර කිරිමට ප්‍රාන්ත මහ ඇමතිවරයා පියවර ගෙන තිබුණා.

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තවත් පුනරුත්ථාපන කඳවුරු 35ක නව නිවාස 3,510ක් ඉදිකිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වඳවී යන අලි පරපුර

තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි තුරන් වී යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා. ස්වභාවික නොවන හේතුන් මත වාර්ෂිකව...

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

අපේම සල්ලි අපිටම දීලා

අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...