බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක් රතු මුහුදේදී හවුති සටන්කාමීන් සිය භාරයට ගෙන තිබෙනවා.
ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ හවුති සටන්කාමීන්, හමාස් සටන්කාමීන්ට සහය පළ කරමින් මෙය සිදුකර ඇති බවයි.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන මෙහි කාර්ය මණ්ඩලයේ 24ක් ගමන් කර ඇති බව සඳහන් වෙනවා.
මෙම ක්‍රියාවට ඉරානය වගකිව යුතු බවට ඊශ්‍රාලය චෝදනා කර සිටියා.
බ්‍රිතාන්‍යයට අයත් අදාළ වෙළෙඳ නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ, ජපානයයි.