ඇෆ්ගනිස්තානයේ අගනුවර සවස යාඥාවක් අතරතුර සිදුවූ බෝම්බ පිපිරීමකින් බලගතු පූජකවරයෙකු ඇතුළු බැතිමතුන් 21 දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබීමත් සමග එරට තුළ තලේබාන් සංවිධානයට එරෙහි තර්ජන ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
තලේබාන් නිලධාරීන් සහ නිවැසියන්ට අනුව මෙම ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍ය අනුබද්ධිත සංවිධානය (ISIS) විසින් තලේබාන් සංවිධානයට එල්ල කරන තර්ජනය කෙරෙහි ලෝකයේම අවධානය යොමුව තිබේ.
කාබුල්හි කයිර් ඛානා ප්‍රදේශයේ පදිංචිකරුවන් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පවසා ඇත්තේ ඝාතනයට ලක් වූ යාඥා නායකයා වන අමීර් මොහොමඩ් කාබුලි කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවූ විවෘත දේශකයෙකු බවයි.
බදාදා සිදුවූ පිපිරීමේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නැති නමුත් එය සිදු වූයේ තලේබාන් සංවිධානයට සම්බන්ධ ප්‍රමුඛ පූජකයෙකු වන රහීම්ල්ලා හකානි මරා දැමූ බෝම්බ ප්‍රහාරයක වගකීම තලේබාන්ගේ ප්‍රතිවාදියෙකු වන ඉස්ලාමීය රාජ්‍ය-කොරාසන් (ISIS-K) භාරගෙන සතියකට පසුවය.
මෙම ප්‍රහාරය වසරකට පෙර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් බලයට පත් වූ දා සිට එල්ල වූ බොහෝ ප්‍රහාර මාලාවන්හු නවතම ප්‍රහාරය වන අතර ඒවායින් බොහොමයක් ISIS-K විසින් සිදු කර ඇත.