30 C
Colombo
Saturday, May 4, 2024

අතිරික්ත ආහාර පරිසරයට වින කරන හැටි

- Advertisement -

මේ දවස්වල හැමෝම කතා කරන්නේ කැරට්, ලීක්ස්, බෝංචිවල මිල හත් අට ගුණයකින් ඉහළ ගිහින් තියන එක ගැන. ඒ නිසා මේ දවස්වල බොහොමයක් දෙනාගෙ බත් පිගාන්වල ඒ වගේ එළවළු වර්ග නම් නැතිව ඇති. අපේ රටේ එහෙම වුණාට ලෝකයේ සමහර රටවල නම් එහෙම නෑ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ^FAO -Food and Agriculture Organization in United Nations) ‍ කියන විදියට නම් 2023 අවුරුද්දේ ලෝකයේ සමස්ථ ආහාර නාස්තිය ටොන් මිලියන 1.3 ක් විතර වෙලා තියනවා. එය ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ මූල්‍යමය වශයෙන් සළකා බැලුවොත් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක විතර පාඩුවක්. මේ විදියට නාස්ති වුණු ආහාර වෙන්වෙන් වශයෙන් ගණනය කළොත් එළවළු සහ පළතුරු නිෂ්පාදනයෙන් 45% ක්, මත්ස්‍ය සහ මුහුදු ආහාර නිෂ්පාදනයෙන් 35% ක්, ධාන්‍ය නිෂ්පාදනයෙන් 30% ක්, කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් 20% ක් සහ මාංශ ආශ්‍රිත නිෂ්පාදනවලින් 20% ක් නාස්ති වෙලා තියනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.

ආහාර නාස්තිය ලෝකයට බලපාන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි ලෝකයේ එක් පැත්තක දැවැන්ත ආහාර නාස්තියක් සිදු වෙද්දි තවත් පැත්තක බඩගින්න නිසා මියයන පිරිස දවසින් දවස වැඩි වෙනවා. නිසි පෝෂණයක් නොමැති වීම සහ බඩගින්න නිසා අවුරුද්දකට මියයන වයස අවුරුදු 5 ට අඩු දරුවන් ගණන මිලියන 3.1 ක්. ඒ කියන්නේ තත්පර 10 කට සැරයක් බඩගින්න නිසා කොතැන හෝ ඉන්න දරුවෙක් මිය යනවා. හරියටම කියනවා නම් ලෝකයේ වසරකට සිදුවන දරුවන්ගේ මරණවලින් සියයට 50 කට හේතුව වෙලා තියෙන්නේ මන්දපෝෂණය. ඒ වගේම ගෝලීය වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන සියලුම පිරිස මිලියන 822 ක් විතර වෙනවා කියලත් වාර්තා වෙනවා.

ආහාර නාස්තිය ලෝකයට බලපාන අනිත් ආකාරය තමයි පාරිසරික උෂ්ණත්වය ඉහළ යෑම. ආහාර අපද්‍රව්‍ය නිසා ගෝලීය හරිතාගාර වායු විමෝචනය ඉහළ යනවා. සමස්ත හරිතාගාර වායු විමෝචනයෙන් 8%-10% ක් විතර සිදුවෙන්නේ ආහාර අපද්‍රව්‍ය දිරාපත් වීමෙන් කියලා FAO වාර්තා කරනවා. ලෝකයේ වැඩිම හරිතාගාර වායු විමෝචනයක් සිදුවෙන්නේ චීනයේ සහ එක්සත් ජනපදයේ පවතින විශාල කර්මාන්ත පුරවරවලින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීමෙන් බව අපි දන්නවා. නමුත් මේ වෙද්දි ආහාර අපද්‍රව්‍යවලින් හරිතාගාර වායු විමෝචනය වීමත් ඒ මට්ටමට ඉහළ යමින් පවතිනවා. මේ ගැන විද්වත් මතය වෙන්නේ කාබන් ටොන් බිලියන 3.3 ක් විතර මේ නිසා පරිසරයට එකතු වෙන්න පුළුවන් කියන එකයි. එය කාලගුණික විපර්යාසවලට වඩා වැඩි බළපෑමක් ඇති කරන්නේ දේශගුණික විපර්යාසවලට. ඒ කියන්නේ මේ තත්වය නිසා තව අවුරුදු 5 ක් 10 ක් ඉදිරියට වායුගෝලයේ ඇතිවිය හැකි තත්වයන් මිනිස් ජීවිතයට අනිවාර්යයෙන්ම අවදානමක් වෙනවා කියලා ඔවුන් මත පළ කරලා තියනවා.

මේ ගැටළු දෙකම ගැන සළකලා බලලා ආහාර නිෂ්පාදනයේදී කරන්න පුලුවන් සුදුසුම දේවල් ගැන විද්වතුන් සැළසුම් හදන්න පටන් ගත්තේ දශකයකට විතර කලින්’ ඔවුන්ගේ පළමු විසදුම වුණේ ලෝකයේ රටවල් සාමුහිකව එකතු වෙලා ආහාර නිෂ්පාදන අතිරික්තයක් ඇති නොවන පරිදි සහ නිසි ආකාර ව්‍යාප්තියකින් යුතුව සිදු කරන්නයි. නමුත් මේ දක්වාත් එයට සාර්ථක විසදුම් ලැබිලා නැහැ. හේතුව තමයි බහු ජාතික ආහාර නිෂ්පාදනය සමාගම්. අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර නිෂ්පාදන සිදු කරන එවැනි සමාගම් අතිරික්ත ආහාර විනාශ කරන්නේ තමන්ගේ ඒකාධිකාරය ඒකාකාරීව පවත්වා ගැනීමේ අරමුණින් සහ ආර්ථික වාසිදායක් තත්වයන් නිසා විතරයි. ඒ නිසා බොහොමයක් ධනවත් රටවල රජයන් පවා මේ බහුවිධ ප්‍රවේශයන්ට මුල පුරන්න අදිමදි කරමින් ඉන්න බවක් දකින්නට පුලුවන්. ඒ නිසා ආහාර අතිරික්තය විනාශ කිරීම හෝ මන්දපෝෂණය දුරලීම කියන්නේ තව දීර්ඝ කාලයකට විසදුම් ලැබෙන්නේ නැති ප්‍රශ්න විතරමයි.

මිනිස් පරිභෝජනය සඳහා අදහස් කරන ආහාර වලින් තුනෙන් එකක් – ටොන් බිලියන 1.3 ක් පමණ – නාස්ති වී හෝ නැති වී යයි. බිලියන 3 ක ජනතාවක් පෝෂණය කිරීමට මෙය ප්රමාණවත්ය. ආහාර නාස්තිය සහ පාඩුව වාර්ෂිකව හරිතාගාර වායු විමෝචනයෙන් හතරෙන් එකක් පමණ වේ; එය රටක් නම්, ආහාර අපද්‍රව්‍ය හරිතාගාර වායු විමෝචනය කරන තුන්වන විශාලතම විමෝචනය වනු ඇත, චීනයට සහ එක්සත් ජනපදයට පිටුපසින්.
ආහාර නිෂ්පාදනය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් හතරෙන් එකක් – 26% ක් පමණ වේ. දත්ත තුළ අපේ ලෝකය
ආහාර නිෂ්පාදනය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් හතරෙන් එකක් – 26% ක් පමණ වේ. දත්ත තුළ අපේ ලෝකය

සංවර්ධනය වෙමින් පවතින සහ සංවර්ධිත රටවල විවිධ අවස්ථා වලදී ආහාර නාස්තිය හා පාඩු සිදුවේ; සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර අපද්‍රව්‍යවලින් 40%ක් පසු අස්වනු නෙලීමේ සහ සැකසුම් මට්ටම්වලදී සිදුවන අතර සංවර්ධිත රටවල ආහාර අපද්‍රව්‍යවලින් 40%ක් සිල්ලර හා පාරිභෝගික මට්ටමින් සිදුවේ.

සිල්ලර මට්ටමින්, සෞන්දර්යාත්මක හේතූන් නිසා කම්පන සහගත ආහාර ප්‍රමාණයක් අපතේ යයි; ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයේ, එක්සත් ජනපදයේ ඉවතලන සියලුම නිෂ්පාදන වලින් 50% කට වඩා එසේ කරනු ලබන්නේ එය පාරිභෝගිකයින්ට විකිණීමට “කැත” ලෙස සලකන බැවිනි- මෙය පලතුරු සහ එළවළු ටොන් මිලියන 60 ක් පමණ වේ. මෙය ලැයිස්තුවේ ඇති තවත් විශාලතම පාරිසරික ගැටළු වලින් එකක් වන ආහාර අනාරක්ෂිත භාවයට මග පාදයි.

You might also like: ආහාර අපද්‍රව්‍ය පරිසරයට බලපාන්නේ කෙසේද?

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...