31 C
Colombo
Sunday, June 4, 2023

විවාහ උත්සව නැවැත්තුවම අපි කන්නේ බොන්නේ කොහොමද?

- Advertisement -

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී ඇති බව විවාහ කර්මාන්ත සේවා සපයන්නන්ගේ එකමුතුව පවසනවා.

ඔවුන්ට අත්වී ඇති ඉරණම පැහැදිලි කිරීමට ඊයේ (06) පැවැති එම මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවන්, උත්සව සඳහා සේවා සපයන්නන් ඇතුළු එම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පිරිසක් සහභාගී විය.

එහිදී අදහස් දක්වමින් ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා,

“මේ ක්ෂේත්‍රයට අදාළ අය ඉන්නවා මිලියනයකට වඩා පිරිසක්. මේ කොටස විතරක් වසා තබමින් ඉන්නකොට අපි ප්‍රශ්නය මතු කරන්නේ අපි කන්නේ බොන්නේ කොහොමද?. ණය ගෙවන්නේ කොහොමද? කියලා කවුරුත් අහන්නේ නෑ. අපි ඉල්ලන්නේ 150ක් වගේ ප්‍රමාණයකට විවාහ මංගල්‍ය උත්සවයක් කරන්න දෙන්න කියලා බොහොම සාධාරණ ඉල්ලීමක්.”

එම අවස්ථාවට සහභාගී වූ ප්‍රවීණ නර්ථන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතා,

“තීන්දු තීරණ ගන්න කට්ටිය දන්නවා ද? මේක වෘත්තියක් කියලා. මේකෙන් වෙන්නේ මිනිස්සු අපේ වෘත්තියෙන් ඈත් වෙනවා.”

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...