31 C
Colombo
Saturday, July 27, 2024

කැබිනට් අනුමතිය ලැබෙන්න පෙරම වාහන ආනයනය කරන්න ණයවර විවෘත කරේ කොහොමද? (VIDEO)

- Advertisement -

වාහන ගෙන්වීම සඳහා අගමැතිවරයා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මැයි 18 වැනිදා වුවත් ඒවා මිලදී ගැනීම සඳහා ණයවර විවෘත කර ඇත්තේ පසුගිය අප්‍රේල් 22 බවත් කැබිනට් අනුමැතියක් නොමැතිව එලෙස ණයවර විවෘත කළ නොහැකි බවත් එම ක්‍රියාවලිය තුළම වංචාවක් සිදුව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (11) මාධ්‍ය වෙත අනාවරණ කරනු ලැබුවා.

පසුගිය මැයි 24 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී මෙම වාහන ගෙන්වීමේ තීන්දුව අහෝසි කළ බවට ප්‍රකාශ කර තිබුණු අතර ඒ අනුව එම කැබිනට් පත්‍රිකාවද අහෝසි වන හෙයින් තවදුරටත් එම වාහන ගෙන්වීමට හැකියාවක් නැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කෙසේවෙතත් ණයවර විවෘත කර තිබෙන හෙයින් එම වාහන ගෙන්වීමට සිදුවන බවට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළද කැබිනට් අනුමැතියකින් තොරව විවෘත කළ ණයවර මඟින් ආණ්ඩුව වාහන ගෙන්වන්නේ ඇයිද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන ලදී.

” අපි අහනව අප්‍රේල් 22 මේ වාහන ආනයනය කරන්න විවෘත කර තිබෙන එල්සී එක මොකක්ද? මොන කැබිනට් මණ්ඩලයෙන්ද අනුමැතිය ලබාදුන්නේ. කවර කැබිනට් පත්‍රිකාවක්ද තිබෙන්නේ. මොකද කළේ, වාහන ඩීල් එකක් ආවා. යාලුවෝ ටික ඩීල් එක කතාකර ගත්තා. කතා කරගෙන එල්සී ඕපන් කළා. පස්සේ මතක් වුණා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඕනේ කියල. එහෙම නම් ණයවර නිකුත් කරන්න ඕනේ මැයි මාසේ 18 වැනිදාට පසුව. හැබැයි මේකේ තවත් එකක් දානවා. මෙම වාහන ආනයනය කිරීමේ කටයුතු වෙනුවෙන් මේ දක්වා ඉටුකර ඇති කාර්යයන් වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා දෙන්න කියල. ඒ කියන්නේ කලින් කරපු ඒවටත් අනුමැතිය දෙන්න කියල. වංචාව වහගන්නයි මේ කැබිනට් පත්‍රිකාව දැම්මේ.” යැයි ඒ මහතා පවසයි.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...