25 C
Colombo
Sunday, May 19, 2024

පාකිස්ථාන පාසල්වල නීතිවිරෝධී බන්ධනාගාර

- Advertisement -

ආරක්ෂක අංශ විසින් පාකිස්තානයේ ස්වාත්හි පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනවල පවත්වාගෙන යන “නීති විරෝධී බන්ධනාගාර” වසා දමන ලෙස පාකිස්තානයේ මානව හිමිකම් කොමිසමේ සභාපති හීනා ජිලාන් ඉල්ලා තිබේ.

හීනා ජිලානි ස්වාත්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි පැවසුවේ “නීති විරෝධී බන්ධනාගාරවල” මියගිය අයගේ පවුල්වලට කිසිදු තොරතුරක් ආරක්ෂක අංශ විසින් ලබානොදෙන බවයි. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සැලසුම් කර තිබුණේ කයිබර් පක්තුන්ක්වා හි ඉහළ පෙළේ කරුණු සෙවීමේ සංචාරයකින් පසුවය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ කරුණු සෙවීමේ වාර්තාවට අනුව, පුරවැසියන්ගේ සිවිල්, දේශපාලන, සමාජීය සහ ආර්ථික අයිතීන් සහතික කරමින් මෙම ප්‍රදේශ සෙසු පළාත සමඟ ඒකාබද්ධ කිරීමට දුන් පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජනතාව රජය කෙරෙහි නොසතුටට පත්ව සිටිති.

මෙම වාර්තාවට අනුව, කයිබර් පක්තුන්ක්වා හි සටන්කාමීත්වයේ වැඩිවීමක් ගැන කොමිසම කනස්සල්ලට පත්ව ඇත.

එසේම නීති විරෝධී ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ තත්වයන්ද වඩාත් නරක අතට හැරී ඇති බව පැවැසේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, අත්අඩංගුවේ පසුවද්දී සිදුවන මරණ සහ සිර කඳවුරුවලින් “අතුරුදහන්” වන පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් මෙහිදී අනාවරණ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...