29 C
Colombo
Saturday, July 27, 2024

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

- Advertisement -

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (11) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගැනීමට සමත් වූ අතර නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළd.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා.

ආරම්භ පිතිකරුවන් ලෙස ක්‍රීඩා පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු 18ක දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05කට දැවී ගියා.

නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පන්දු 65කට ලකුණු 61ක් රැස් කිරීමට සමත් වූ අතර සධීර සමරවික්‍රම ලකුණු 52ක් රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම ජනිත් ලියනගේ අර්ධ ශතකයක් වාර්තා කළ අතර චරිත අසලංක නොදැවී ලකුණු 97ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Azmatullah Omarzai කඩුළු 3ක් දවා ගත් අතර Fazalhaq Farooqi, Noor Ahmad, Qais Ahmad කඩුල්ල බැගින් දවා ගත්තා.

කෙසේවෙතත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 309ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...