31 C
Colombo
Saturday, July 27, 2024

බිරිඳගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

- Advertisement -

ලුණුගල, කුඹුකන්ඔයේ දියනාමින් සිටි දෙදරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඇයගේ සැමියා සහ ඊට අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුගේ මිතුරෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බව ලුණුගල පොලීසිය පවසනවා.

මෙසේ ඝාතනය ලක් වූයේ, ලුණුගල ජනතාපුර තුඹපිටියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඇය 19 වනදා සවස 3.00ට පමණ සිය 11 හැවිරිදි පුතා සමග නිවසට පහළින් ඇති කුඹක්කන් ඔයේ දියනෑමට ගොස් තිබුණා.

පුතාට දිය නාවා ගෙදර යවා මද වේලාවකින් මව කෑගසන හඬ ඇසී ඇයගේ 17 හැවිරිදි දියණිය එම ස්ථානයට යන විට, මව හිසේ සහ මුහුණේ ලේ ගලන තුවාල සහිතව වැටී සිටිනු දැක පොලීසියට දන්වා තිබුණා.

ලුණුගල පොලීසිය පැවසුවේ, මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත බුද්ධි අංශයේ නිලධාරින් ද යොදවා පුළුල් විමර්ශන සිදුකළ බවත් සැකකරු කැලෑ පාරකින් ලුණුගල නගරයට එමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ ප්‍රකාශය මත මෙම ඝාතනයට අනුබල දුන් සැකකරුගේ මිතුරෙක්ද අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු හා මරණකාරිය අතර කලක සිට පවුල ආරවුල් පැවති බවත්, ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සැකකරුට නිසි අවසරයකින් තොරව එම නිවසට යාම තහනම් කර තිබූ බවත් පොලීසිය පැවසුවා.

තමා කුඹුක්කන් ඔය අසල සැඟවී සිට බිරිඳ පුතාව නාවා ගෙදරට ඇරලවීමෙන් පසු තනියම දියනාමින් සිටි බිරිඳ වෙත කඩාපැන ඇයට පහරදුන් බවත් ඇය වැටුණු පසු විශාල ගලක් ගෙන මුහුණට අතහැරිය බවත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

45 හැවිරිඳි සැකකරු අද (21) අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...