31 C
Colombo
Saturday, July 27, 2024

මට හිරුණිකාගේ දේපල වෙන්දේසි කරලා මිලියන 500ක් ගන්න පුළුවන් – ගම්මන්පිළ

- Advertisement -

තමා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවක් හරහා තමන්ට රුපියල් බිලියන 0.5ක් ලැබීමට නියමිත බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට එරෙහිව තමන් විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවක් විභාග කළ අධිකරණය මෙසේ රුපියල් මිලියන 500ක මුදලක් තමන්ට ගෙවීමට නියෝග කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව තමන්ට හිටපු මන්ත්‍රීවරියගේ දේපළ වෙන්දේසි කොට හෝ එම මුදල් ලබා ගැනීමට හැකි බවයි කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය විසින් 2015 ජූලි 2 දින මා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් කළා. මම ඒ ප්‍රකාශයෙන් මට සිදු වුණු හානියට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ 42/2016 මුදල් යන අංක දරණ නඩුව පැවරුවා. මට රුපියල් මිලියන 500ක් වන්දි ගෙවන්න කොළඹ දිසා අධිකරණය නියම කළාම හිරුනිකා මැතිණිය ඒ තීන්දුවට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයේ එල්ඒ 112/2018 අංකය යටතේ අභියාචනාවක් ගොනු කලා. 2020 නොවැම්බර් 25 දින මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කළා.

හරි නම් දැන් හිරුණිකා මැතිණිය මට මිලියන 500ක් ගෙවන්න ඕනෑ. එසේ නොකරනවා නම් ඇයගේ දේපල වෙන්දේසි කර මගේ මුදල අය කර ගන්න මට පුළුවන්. ඇය මට පහර දීම නතර කර ඇති නිසා මම දේපල වෙන්දේසියකට ගියේ නෑ. මේ නඩුව සඳහා නොමිලේම පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා ඇතුළු නීතිඥ කණ්ඩායමට මගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.”

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...