32 C
Colombo
Friday, March 31, 2023

ඇමරිකානු තානාපතිනිය කියපු කතාවට මට කටඋත්තර නැති වුණා (VIDEO)

- Advertisement -

ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර වශයෙන් රටට අවැඩදායක බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය, අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.

ඒ, ඊයේ (17) සවස බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී, අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් ඩබ්.ඒ. පද්මින් සමීර මහතා සම්පාදිත “කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාහුල හිමි,

“ජාත්‍යන්තරයට විරුද්ධ වෙලා තමයි භික්ෂූන් වහන්සේලා ජාත්‍යන්තරයේ සහය ලබා ගන්න හදන්නේ. භික්ෂූන්ගේ වගකීම වන්නේ ධර්ම විනයට අදාල තමන්ගේ වගකීම හරිහැටි ඉෂ්ට කිරීමයි.

ළඟදී මාව හමුවෙන්න ආවා ඇමරිකන් තානාපතිනිය. අපි ලංකාවට උදව් කළත්, ඇමරිකාවෙන් කවුරු ආවත් ලංකාවේ ලංකාවේ හාමුදුරුවරු විරුද්ධ වෙනවා. මගේරටේ, ඇමරිකාවේ ලංකාවෙ හාමුදුරුවරු ගිහින් පන්සල් 82ක් හදලා තියෙනවා. ලංකාවේ හාමුදුරුවරු වැඩියෙන් සුද්දොන්ට තමයි බණ උගන්වන්නේ. ලංකාවෙන් ගියපු මිනිස්සු ලක්ෂ ගාණක් අපේ රටේ ඉන්නවා. ඔබලා වගේ අපිත් හිතුවා නම් අද ඇමරිකාවේ එක භික්ෂූන් වහන්සේ නමක් වත් නෑ. මෙන්න දීපු ප්‍රකාශය. මට කට උත්තර නැති උනා”

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක සාහිත්‍යශූරී අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමි, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහා නා හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ඇතුළු මහා සංඝරත්නය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර සහ හිටපු කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන්, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ , මියන්මාර තානාපති හෑන් තූ යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ සහ සමස්ත අමරපුර නිකායාරක්ෂක දායක සභාවේ සභාපති අජිතා ද සොයිසා ඇතුළු දායක සභාවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

May be an image of one or more people, people standing and indoor
May be an image of indoor
May be an image of one or more people, people standing and indoor
May be an image of one or more people and indoor

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...