27 C
Colombo
Tuesday, May 21, 2024

එයාලට ඡන්දේ දාන්න කියලා මම කිව්වෙ නැහැ-කාදිනල් හිමි

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පැවති කල්තැබිමේ විවාදයේදී පළවු අදහස් සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නෙ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී මැති ඇමතිවරුන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කතා කරමින් තමන් වහන්සේ එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලිමක් කර තිබෙන බවට පැවසු බවයි.

කෙසේවෙතත් එය සහ මුලින්ම අසත්‍ය බවත් තමන් වහන්සේ කිසිදු දිනක කිසිදු පක්ෂයකට ඡන්දය පාවිච්චි කරන ලෙස කිසිවකුගෙන් ඉල්ලා නැති බවත් අගරදගුරු හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් පවසන්නේ තමන් පාස්කු ඉරුදින ත්‍රස්තප්‍රහාරය පිළිබඳව කතා කිරිමේදී පවසා ඇති එකම දෙය නම් මානව හිමිකම් කඩකර ඇති හෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධාරණත්වය ඉශ්‍ට කිරීමට පියවර නොගන්නා පක්ෂවලටඡන්දය ලබා නොදෙන ලෙසයි.

එමෙන්ම මෙතෙක් කතෝලික සභාව වෙත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය පිළිබඳ විමර්ශනය කරන බවට සහතික වී වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය බවත් වෙනත් දේශපාලන පක්ෂ වලටත් එසේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති බවත් අගරදගුරු හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

නිකුත් කළ නිවේදනය,

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු උණ රෝගයකින් මරුට

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) රාත්‍රීයේ මෙම රැඳවියා මියගොස්...

ට්‍රැක්ටරයක් පෙරලී සිසුවෙක් මරුට.පහක් රෝහලට

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරනවා. වට්ටප්පලේ...

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ඉදිරි පැය 48...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...