29 C
Colombo
Saturday, July 27, 2024

නැවේ ප්‍රමාදය ගැන ඔබේ මිත්‍ර ඉන්දියාවෙන්ම අහගන්න..! – චීන තානාපති

- Advertisement -

චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාදවීමට හේතුව විමසිය යුත්තේ ඉන්දීය මිතුරන්ගෙන් බව මෙරට චීන තානාපති චී ශෙන්හොන් මහතා පැවසීය.

මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව අද (16) පෙරවරුවේ හම්බන්තොට වරාය වෙත පැමිණි අවස්ථාවේදී එය පිළිගැනීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය.

මාධ්‍යවේදි‍යා –

“ආරක්ෂක සහ ආර්ථික අවදානමක් මතු කරමින් ඉන්දියාව මෙම නෞකාවේ චාරිකාවට විරුද්ධත්වය පළ කළා. ඒ ගැන ඔබේ අදහස?”

චීන තානාපති –

“මම හිතන්නේ ඔබ මේ ප්‍රශ්නය යොමු කළ යුත්තේ ඉන්දීය මිතුරන්ට. මේ ආකාරයේ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණියේ පළමු වතාවට නෙමෙයි. 2014 වසරේදිත් මේ වර්ගයේ චීන නෞකාවක් කොළඹ වරායට පැමිණියා. මේ ආකාරයේ නෞකාවක් පැමිණීම ඉතා සාමාන්‍ය සිදුවීමක්. විශේෂ කිසිවක් නෑ. හැමෝම දන්නවා මේ ගැන.

මා හිතනවා මාධ්‍ය මිතුරන් විෂය මූලිකව මෙහි අරමුණ ගැන ශ්‍රී ලංකා ජනතාව දැනුවත් කරයි කියලා. මේ නෞකාව ප්‍රමාද කිරීමට හේතුව මම දන්නේ නැහැ. මම හිතන්නේ එය ජීවිතය වෙන්න ඇති. මෙය ස්වාභාව ධර්මය වෙන්න ඇති”

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...