29 C
Colombo
Saturday, July 27, 2024

මට කොවිඩ් හැදුනේ එන්නත නොගත් නිසා – ඒත් තවමත් එන්නත එපා

- Advertisement -

තමාටත් බිරිඳටත් කොවිඩ් වෛරසය ආසාදනය වීමට එක් හේතුවක් වුයේ, කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියාසිටියේ සුවය ලබා අද (11) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යය අමතමින්.

කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම තමාට සහ බිරිඳට වෛරසය වැළඳීමට එක් හේතුවක් වූ නමුත් තමන් තවමත් එන්නත ලබාගැනීමට සූදානම් නොමැති බවයි විපක්ෂනායකවරයා පවසන්නේ.

“මේ රටේ සියලුම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නත්කරණයට ලක්වන තුරු මම මේ රටේ මහජන සේවකයෙක් හැටියට එන්නත ලබාගැනීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ එන්නත මම පරිත්‍යාග කරනවා මේ රටේ ජනතාවට. රට තුළ ජීවත්වන ලක්ෂ 220කගේ සෞඛ්‍ය සම්පන්නභාවය, ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා අපේ පුද්ගලික සෞභාග්‍ය වෙනුවට. මේ රටේ ජනතාවට මම දෙන පණිවුඩය තමයි අපි ඉතාමත් ඉක්මනින් එන්නත් ලබාදීලා එන්නත තුළින් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන තෙක් අපේ මාතෘ භූමියට ගෙන්වා ගත හැකි උපරිම එන්නත් ප්‍රමාණය ගෙන්වා ගෙන උපරිම ලෙස එය ව්‍යාප්ත කරනවා.“

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...