31 C
Colombo
Sunday, May 12, 2024

පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් දාපු නිසා මට මරණ තර්ජන ආවා – තෙලිජ්ජවිල වෙඩිතැබීම

- Advertisement -

මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

අදාළ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 22 හැවිරිදි තරුණයෙකු වන මින්දික අලුත්ගමගේ නම් ඔහු දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වෙඩිතැබීම සිදු වූ දුරකථන උපාංග අලෙවිසලට පැමිණි අයෙකු වන අතර, අපරාධකරුවන්ගේ ඉලක්කය වී තිබූණේ එම අලෙවිසලේ හිමිකරු බවට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වි තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබු අතර සිදුවිම සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබුණා.

ඝාතකයන්, වෙඩිතැබීමට පෙර ද දුරකතන උපාංග අලෙවිසලට පැමිණ ඡායාපිටපත් ලබා ගැනීමට අවශ්‍ය බවට පවසා ඇති අතර, එහි දී හිමිකරු පවසා ඇත්තේ අදාළ පහසුකම නොමැති බවයි.

ඒ අනුව ඉන් පිටව යන සැකකරුවන් පසුව යළි පැමිණ මෙම වෙඩිතැබීම සිදු කර තිබෙනවා.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ දුරකතන උපාංග අලෙවිසලේ හිමිකරු පිටත රැඳී සිට ඇති අතර, අලෙවිසල තුළ සිට ඇත්තේ, හිමිකරුගේ මිතුරෙකු වන
මියගිය මින්දික අලුත්ගමගේ නම් තරුණයායි.

ඔහු සිය ජංගම දුරකතනය චාර්ජ් කරගැනීම සඳහා එම වෙළෙඳසලට පැමිණ තිබුණා.

මෙම වෙඩිතැබිම සිදුවු වෙළදසැළේ හිමිකරු 2020 වසරේදී සුරාසැලක් කොල්ලකෑමේ සිදුවිමකට පොලිස් අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර තිබෙන අතර එහිදි තමාට පොලිසියෙන් හිරිහැර සිදුවු බව පවසා ශ්‍රේඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවට වාර්තා වනවා.

එම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගන්නා ලෙසට තමාට තර්ජනාත්මක ඇමතුම් ලැබුනු බව වෙළදසැලේ හිමිකරු පොලිසියට පවසා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු අතර, වෙඩිතැබීම වෙළෙඳසලේ හිමිකරු ඉලක්ක කරගෙන සිදු කළ බවට මතු ව ඇති සැකය මත ඔහු ව පොලිස් භාරයට ගෙන ආරක්ෂාව ලබාදීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අනුරුද්ධ බුද්ධදාස මහතා නියෝග කර තිබෙනවා.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මාතර තිහගොඩ නාදුගල වේල්ල අසල දමා ගොස් තිබියදි පොලිසිය විසින් අද (21) සොයාගනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන්ගේ යැයි සැකකෙරෙන ඇදුම් කිහිපයක් සහ හිස් ආවරණයක් එහි දමා ගොස් තිබු අතර යතුරුපැදියේ අංක තහඩුවද ඒ වන විට අතුරුදහන්ව තිබු බවයි.

සිදුවිම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සබරගමුවේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක්

සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා සඳහන් කළේ, මේ වන...

පොලිස් සැරයන් ගංජා සමඟ මාට්ටු

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ විශේෂ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන සැරයන්වරයකු කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුදහමුදා...

සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට

මැදගම, ඊරියගහමඩ ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ, ඊරියගහමඩ, කැදවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක කුඩා දරුවෙක්. එම දරුවා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...