32 C
Colombo
Friday, March 31, 2023

මම වියදම් කරන්නේ මගේ සල්ලි – ගෝඨාභය

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සිය ආරක්ෂාව පතා මේ දිනවල විවිධ රටවලට සංක්‍රමණයවීමේදී ඔහු වියදම් කරනුයේ සිය පෞද්ගලික මුදල් බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.

සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම්දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන් කළේ හිටපු සහ වත්මන් ජනාධිපතිවරුනට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවත් හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලා පිළිතුරු දෙන බවට ඔහු මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සදහන් කළා.

ඒ අනුව මේ වන විට තායිලන්තයේ රැදී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇත්තේ තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බවයි.

තමාගේ සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බවට ඔහු දැනුම්දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...