27.4 C
Colombo
Wednesday, June 7, 2023

සැලසුම් කරල දිනේ කියන්නම් එදාට පාරට බහින්න ලෑස්ති වෙන්න – AKD

- Advertisement -

සැලසුම් කර දිනය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මහමගට පැමිණීමට සූදානම් වන ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, ඊයේ (14) දිනයේ මොණරාගල පැවති ජන රැලියක් අමතමින්.

ව්‍යවස්ථාවෙන් පැවරී නොමැති බලයක් භාවිතා කරමින් මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා විසින් කල් දැමීමට උත්සහ දරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“භාණ්ඩාගාරයේ සල්ලි හොරෙක් අල්ලගෙන ඉන්නවා. දැන් මොකක්ද කරන්න ඕනෙ? හොරා එලවන්න පාරට එන්න ඕනෙ. අපි තමුන්නාන්සෙලාට සැලසුම් කරලා දිනය කියන්නම්, එදාට පාරට බහින්න ලෑස්ති වෙලා ඉන්න. මේ විකෘති දේශපාලනය නතර කරන්න ඕනෙ. හැමදාම දේශපාලනය කියලා හිතුවෙ මොකක්ද? රාජපක්ෂ ගැති රනිල් වික්‍රමසිංහට බලය එනවා. රනිල් වික්‍ර්‍රමසිංහ යද්දි රාජපක්ෂලාට බලය එනවා. රනිල්-රාජපක්ෂලා යද්දි සජිත්ලාට බලය එනවා. ඒ ගොල්ලො හිතන් ඉන්නෙ මේක තමයි දේශපාලනය කියන්නේ කියලා. එයා නැත්තන් අරයා. දෙන්නම නැත්තන් සජිත්. ඉතිහාසයේ පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් ජනතාවගේ අතට බලය මාරු වන සංඥාවක් මතුවෙලා තියෙනවා.”

රනිල් වික්‍රමසිංහගේ මාමා වන J.R. ජයවර්ධන විසින් ද මේ ලෙසම ජනතාවගෙන් ඡන්ද අයිතිය උදුරා ගැනීම නිසා මතුවූ විරෝධතාවයන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ බවත් කොටි ත්‍රස්තවාදය හිස එසවීමට හේතු වූයේද මැතිවරණ නොපැවැත්වීම බවත් අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම, හිතාමතාම රාජකාරිය පැහැර හරින, මැතිවරණ කල් දැමීමේ කුමණ්ත්‍රනයට සහය දෙන රාජ්‍ය නිලධාරීන්ට ද තමන්ගේ රජයක් යටතේ නඩු පවරන බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජනතා මනාපයක් නොමැති රජයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ද නොලැබෙන බවත් එබැවින්, ජනතා මතය විමසීමට මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක්ව ඇති බවත් ජාතික ජනබලවේගයේ නායකයා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...