ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවෙනවා.
ඒ අනුව, තරඟාවලියේ ඉදිරියට යාම සඳහා අද තරඟය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.