24 C
Colombo
Saturday, March 25, 2023

IDH රෝහලෙන් පැනයෑමේ උත්සාහයක් වළකී

- Advertisement -

අයි.ඩි.එච්.රෝහලින් පළායාමට උත්සාහ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයෙකු රෝහල් ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබේ.

ඊයේ (22) සවස එම පුද්ගලයා රෝහලේ වහලයෙන් පැනයෑමට උත්සහ දරා ඇත. 

ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර මේ වන විට ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“ඊයේ දිනයේ දී IDH රෝහලේ වහලෙන් 22 හැවිරිදි පුද්ගලයෙක් පැන යාමට උත්සහ කිරීමේ දී එම රෝහලේ ආරක්ෂක අංශ විසින් සවස 6.30ට පමණ ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා. මොහු කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් බවට වාර්තා වෙන්නේ. එමෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොවිඩ් ආසාදිත වීම නිසා මොහු IDH රෝහල වෙත එවා තිබෙනවා ප්‍රතිකාර සඳහා. එසේ ප්‍රතිකාර සඳහා පැමිණ ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අවස්ථාවේ දී පළා යෑමට උත්සහ කර තිබෙන්නේ. කෙසේ වෙතත් ආරක්ෂ අංශ ඔහුව ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා…. “

රාගම රෝහලෙන් මීට මාස එකහමාරකට පෙර පුද්ගලයෙකු පැනගිය බවත්, සාලාව රෝහලෙන් තවත් පුද්ගලයෙක් පැනගිය බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට දින කිහිපයකට පෙර කාන්තාවක් සිය දරුවා ද සමග රොහලෙන් පැනගිය බව සඳහන් කළේය.

එබැවින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂිත ක්‍රම උපායන් යටතේ කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය දින කිහිපය පුරා රෝහල්වලින් පළාගිය කොවිඩ් ආසාදිතයින් මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ පුද්ගලයින් වන බැවින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විසින් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.

මෙමගින් අදාළ පුද්ගලයා ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(මූලාශ්‍රය – අද දෙරණ )

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ණයෙන් කොටසක් IMF පළමු වාරිකයෙන් ගෙවයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

සංචාරකයින්ගේ පැමිණීමේ වෙනසක්

මෙම වසරේ පළමු මාස තුන තුළ මේ වන විට විදේශීය සංචාරකයන් 3,30,000ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා  සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

හරක් කටා නිසා සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට  විරෝධතාවයක්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...