27 C
Colombo
Thursday, March 23, 2023

ගෝඨාභය වැලි ඇටයක් වංචා කළා නම් මම දේශපාලනයෙන් ඉවත්වෙනවා..!

- Advertisement -

කෙටිකාලීන අවශ්‍යතාවය මත රසායනික පොහොර සහ කෘෂි රසායන ගෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, මහ කන්නයේ වගා කටයුතු සහ පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ වී ගොවිතැන සඳහා රසායන පොහොර ගෙන්වීමට ජනාධිපතිවරයා සමග අද පැවැති සාකච්ඡාවේදී කිසිදු තීරණයක් නොගත් බවයි.

වර්ෂාවෙන් හානිවූ එළවළු වගා වෙනුවෙන් පමණක් යම් පොහොරක් ගෙන්වීමට තීරණය කළ බවත් ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“නැනෝ නයිට්‍රජන් ගනුදෙනුවක් ගැන කතා කළා. රාජ්‍ය අමාත්‍යාංශය යටතේ නැනෝ නයිට්‍රජන් සඳහා ටෙන්ඩර් කැඳවීම කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. පසුව පොහොර මිල අධික බව අපට ආරංචි වුණා. අප ආනයනකරුට ඒ පිළිබඳව දැනුවත් කළා. ඔහු ඩොලර් 2.5 කින් මිල අඩු කළා. එමගින් බිලියන 1.7ක මුදලක් ඉතිරි කර ගන්න හැකි වුණා.

නැනෝ නයිට්‍රිජන් ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕන දෙයක් ගන්න පුළුවන්. දූෂණයක් තිබේ නම් එය කියන්න. ඕනෑම විවාදයකට මමත් රාජ්‍ය ඇමතිත් සූදානම්. ප්‍රාදේශීය සංවර්ධනය නැතිව රටක් හදන්නේ කොහොමද? විපක්ෂය අද මේ අය ඒ සංවර්ධනයත් විවේචනය කරනවා. නොවැම්බර් දෙසැම්බර් හැම අවුරුද්දකම එළවළු මිල වැඩිවෙන කාලය. ඒ අතරේ අධික වර්ෂාපතනයකට ද අපට මුහුණ දෙන්න වුණා. රජය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයකට යන්න තීරණය කළා. ඇමතිවරයා ලෙස මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා වැලි ඇටයක වංචාවක් කළා යැයි ඔප්පු කරන්න. එසේ ක⁣ළොත් මා දේශපාලනයෙන් ඉවත්වෙනවා. අනියත බියක් ඇති කර ගන්න එපා. හාල් හිඟයක් ඇති වන්නේ නැහැ.”


RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...