26 C
Colombo
Thursday, March 23, 2023

ජීවත් වෙන්න මට මෙච්චර අමාරු නම් සාමන්‍ය රාජ්‍ය සේවකයන්ට කොහොමද?

- Advertisement -

තමන්ට ඇති ආර්ථික අපහසුතාවන් නිසා තමන්ගේ සම්පූර්ණ වැටුපම පරිත්‍යාග කළ නොහැකි බව මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඒ, අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල ගණනක් සිය වැටුප කොවිඩ් අරමුදල වෙත දායක කිරීමට තීරණය කර ඇති නමුත් තමා දැන් නීතීඥ වෘතියේද නොයෙදෙන බැවින් සිය සම්පූර්ණ වැටුපම අරමුදල වෙත බැරකිරීම අපහසු කාරණයක් බවයි ඔහු පවසන්නේ.

තමාගේ සියලු ඉතුරුම් පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කර ඇතත් එම ආයතනය කඩා වැටීමෙන් ඒ සියලු මුදල් අපතේ ගිය බවත් මුලු වැටුප පරිත්‍යාග කලහොත් තමාට ජීවත් වීමටවත් නොහැකි නිසා වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදල වෙනුවෙන් කැප කිරීමට සූදානම් බවත් ඔහු පවසනවා.

තමන්ගේ මන්ත්‍රී වැටුපෙන් සහ සිය බිරිඳගේද සුලු රැකියාවෙන් තමන් ජීවිකාව සරිකරගන්නා බවත් ඔහු පවසා සිටිනවා.

එබැවින් සමාජ වගකීමක් ලෙස සිය වැටුපෙන් 50%ක් පරිත්‍යාග කරන නමුත් රජයේ සේවකයන්ට එලෙස කැපකිරීම් කරන්නැයි ඉල්ලා සිටිය නොහැකි බවත් තමන්ට ජීවත් වීමට මෙතරම් අපහසු නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට ජීවත් වීම කොතරම් අසීරුදැයි තමන්ට වැටහෙන බවත් ඔහු පවසනවා.

මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනාව(වැටුප) රුපියල් 54,385කි.

එමෙන්ම, සිය දේශපාලන සගයෙකු වන දිවංගත මංගල සමරවීර මහතාව සිහිපත් කිරීමටද ඔහු අමතක කළේ නෑ.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...