28 C
Colombo
Saturday, July 27, 2024

ඇමතිලා වැක්සින් එක නොගැහුවොත් රට අරාජික වෙනවා – ප්‍රසන්න

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් යනු වැඩිපුරම සමාජයේ ජනතාව ඇසුරු කරන අය බැවින් ඔවුන් කොවිඩ් වැක්සීනය ලබාගැනීමේ වරද කුමක්දැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කරනවා.

2015 අප්‍රේල් හා ජූනි මස අතර කාලය තුළදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් අනවසර පදිංචිකරුවන් ඉවත්කර සංවර්ධනය කර නිරවුල් භුක්තිය ලබාදීමට රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීම සදහා අමාත්‍යවරයා ඊයේ (18) කොළඹ මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළකළා.

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් වැක්සීනය ලබා නොගත්තද ඔවුන්ගෙන් ඇතැමෙක් පාස්කු ප්‍රහාරයේදී ජනතාව මියයන තුරු බලාසිටි පුද්ගලයන් බවද රණතුංග මහතා මෙහිදී සදහන් කළා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලාසිටින්නේ කොවිඩ් වෛරසය බෝවී රට අරාජික වන තුරු බවත් මෙය කුහකත්වය බවත් සදහන් කල අමාත්‍යවරයා වැක්සීනය සියලුම දෙනා හට ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...