මුතුරාජවෙල තෙත් භූමිය වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ජාතික රක්ෂිතයක් බවට පත් කරන්නේ නම්, මුතුරාජවෙල පුද්ගලික සමාගම් විසින් අවිධිමත් ලෙස අත්පත් කරගත් ඉඩම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා නොගෙන නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමේ හේතුව කුමක්දැයි මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය ප්‍රශ්න කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මුතුරාජවෙල රක්ෂිතයක් බවට පත්කරන්නේ නම්, මුතුරාජවෙල පිළිබදව කටයුතු කිරීමේ බලය කැබිනට් පත්‍රිකාවක් හරහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලප පවරා ඇත්තේ කුමන කරුණක් නිසාද යන්නයි.
එමෙන්ම මුතුරාජවෙල ජාතික රක්ෂිතය වෙනුවෙන් වෙන්කරන භූමි ප්‍රමාණය කොපමනද යන්න බලධාරීන් විසින් ජනතාව දැනුවත් කළ යුතු බවයි ඔවුන් සදහන් කරන්නේ.
තම සංවිධානයේ සාමාජිකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් සංවර්ධනයට විරුද්ධ නොවන නමුත් ඊනියා තිරසාර සංවර්ධන ව්‍යාපෘතිවලට මුවාවී පරිසර පද්ධතීන්ට සිදුකරන විනාශයන්ට එරෙහිව දිගින් දිගටම අරගල කරන බවත් අදාළ නිවේදනයෙන් ඔවුන් සඳහන් කරනවා.
