29 C
Colombo
Saturday, July 27, 2024

පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට නාමල් අවොත් දේශපාලනෙන් නිහඬ වෙනවා- ප්‍රසන්න

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදවු කිරීමෙන් වැලකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ අලියා ලකුණ හෝ පොහොට්ටුව ලකුණ නොවන සියලුම දෙනාට එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ දේශපාලන කාර්යාලයේදී අද (02) පැවැති සාකච්ඡාවකදී මේ බව සදහන් කර සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ විරුද්ධවාදීන් කුමක් පැවසුවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වරක් ජනාධිපති ධූරයට පත්වීමට නම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝග අත්‍යාවශ්‍ය වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැති බවත් යම් හෙයකින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස දැම්මොත් ඔහුට උදවු නොකර දේශපාලනයෙන් නිහඬ වෙන බව පැවසු ප්‍රසන්න රණතුංග මහතා නාමල් රාජපක්ෂට ජනාධිපති වීමට තව කල් තිබෙන බවද පවසා සිටියා.‍

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...