25 C
Colombo
Saturday, December 9, 2023

ලිංගික චෝදනා ඔප්පු වුණොත් මම ඉල්ලා අස්වෙනවා – කෝප් කමිටුවේ සභාපති (වීඩියෝ)

- Advertisement -

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිරිහැර කර ඇති බවට නඟන චෝදනාවලට තමා වරදරකරු වුවහොත් පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

අද (20)  පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

රංජිත් බණ්ඩාර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ  විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා  මුළුමනින්ම අසත්‍යවන අතර  එම චෝදනා තරයේ පතික්ෂේප කරන බවයි.

එමෙන්ම එම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස රංජිත් බණ්ඩාර මහතා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඔහු තවදුරටත් සඳහන් කළේ එම චෝදනා සඳහා තමා නිවැරදිකරුවෙකු බව තහවුරු වුවහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම යටතේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා දණ්ඩනයට ලක් කළ යුතු බවයි.

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිංසන සිදු කර ඇත්තේ පොදු ව්‍යාපාර කාරක සභාවේ වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා මීට පෙර දිනක කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු පාර්ලිමේන්තු නිලධාරිනියකට හිරිහැර කර ඇතැයි සඳහන් කළ අතර එම චෝදනාව හේතුවෙන් කෝප් කමිටුවේ හිටපු සභාපති වූ තමන් දැඩි අසීරුතාවට පත් වූ බවත් එබැවින් අදාළ සභාපතිවරයා කවුදැයි හේෂා විතානගේ මන්ත්‍රීවරයා හෙළි කළ යුතු බවත් හිටපු කෝප් සභාපති චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

ඉන් පසුව ප්‍රකාශයක් කරමින් හේෂා විතානගේ මහතා කියා සිටියේ මෙම චෝදනාවට ලක්ව ඇත්තේ හිටපු සභාපතිවරයා නොව වත්මන් කෝප් සභාපතිවරයා බවයි.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...